නෞකාවේ ආරම්භය
අපි හැමෝටම එක එක ආසාවල් ඇති වෙනවානේ. ඒ වගේ O/L කරන කාලේ ඉඳන් මට තිබ්බ ආසාවක් තමයි Website එකක් පටන් ගන්න එක. ඒ ආසාව නිසාම sadeshdwap.blogspot.com කියන blog එක පටන් ගන්නවා. ඒත් කිසිම Plan එකකට පටන් ගත්තු වැඩක් නම් නෙවෙයි. කොහොම හරි මෑතක් වෙනකම්ම කරගෙන ආපු වැඩේ ගිය මාසෙදි කරපු මෝඩ වැඩක් නිසා මගේ ඒ blog එකේ domain name එක නැති වෙනවා.
ඒ වගේම A/L කාලේ ඇතිවුන ආසාවක් නිසා monemithuro.tk වගේ Website කීපයක්ම පටන් ගන්නවා. මේ website එකක් හදන ආසාව education website එකක් පටන් ගන්න එක දක්වා වෙනස් වෙනවා. පසන් එක්ක සෙට් වෙලා අවස්ථා කිපයකදීම වැඩේ පටන් ගත්තත් විවිධ හේතූන් මත ඒ වැඩේ අඛණ්ඩව සාර්ථකව කරගෙන යන්න බැරි වුණා.
Website හදන වැඩේ වගේම ආපු තවත් ආසාවක් තමයි YouTube Channel එකක් කරන එක. Sadesh Dilanjana YouTube Channel එක එකේ ප්‍රතිඵලයක්.
මං දන්න දෙයක් website එකක් හරහා තවත් කෙනෙක්ට කියලා දෙන්න තිබ්බ ආසාවයි Youtube Conspet එකට තියෙන් ආසාවයි එකතු කරලා අලුත් වැඩක් කරන්න කියලා මීට මාස 7,8කට කලින් ඉඳන් කල්පනා කලා. කොහොම හරි ඔය විදියට මේ වැඩ ටික යන අතරේ ගොඩක් අය මගෙන් ඉල්ලපු තවත් දෙයක් තමයි Photoshop ටිකක් කියලා දෙන්න පුළුවන්ද කියන එක. තව සමහරු ඇහුවා අපිට සිංහලෙන් Graphic Designing ඉගෙන ගන්න Youtube Channel එකක් නැද්ද කියලා. ඒ නිසා එතනින් මගේ වැඩේ පටන් ගත්තනම් හොඳයි කියලා කල්පනා කලා. එහි පළමු අදියර විදියට Educational Youtube Channel එකක් පටන් අරන් Photoshop මූලික කරුණු ටිකක් කියලා දෙන්න තීරණයක් ගත්තා.
දැන් ඔක්කොම හොඳයි, වැඩේට නමක් තමයි නැත්තේ. එරන්ද එක්කත් දවස් ගානක් කථා කරත් හරි නමක් සෙට් උනේ නෑ. ඔහොම නමක් කල්පනා කරන ගමන් ඉන්නකොට දවසක් එක පාරට "නෞකාව" කියන නම ඔළුවට එනවා. මේ නම මගේ වැඩේට ගැලපෙන්නේ කොහොමද?
"දැනුම කියන්නේ ඇත්තටම සාගරයක් වගේ ගැඹුරු දෙයක්නේ. මේ දැනුම කියන සාගරය තරණය කරන්න මං ගන්න පුංචි උත්සාහය තමයි මේ කියන නෞකාව."
ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි මේ නෞකාවේ වැඩකටයුතු හිමින් හිමින් ගිහින් 2021 ජුනි 14, මගේ මේ නෞකාව දියඹට දාන්න පුලුවන් උනා. ඒ කියන්නේ channel එකේ පළවෙනි Video Series එකේ පළවෙනි Episode එක Upload කරා.
මේ පුංචි උත්සහයට උදව්වක් විදියට වීඩියෝ එක බලලා හොඳ නරක කියන්න. මොකද ලොකු ලොකු සම්පත් තියාගෙන පටන් ගත්තු වැඩක් නෙවෙයිනේ, ඒ නිසා අඩු පාඩු ඇති. ඒවත් හදාගෙන ඉස්සරහට මේ වැඩේ සාර්ථක කර ගන්න ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.
දැන් සමහරු කියාවි කිසිම දෙයක් ගැන බරක් පතලක් ගැන හිතන්නේ නැති, හැම දෙයක්ම විහිළුවට ගන්න බලන මේ පිස්සට කරන්න පුළුවන් වැඩක්ද, මේ මොන විකාරයක්ද කියලත්. ඒකට කියන්න තියෙන්නෙ නම් මුකුත්ම නොකර උඩබලන් හූල්ල හූල්ල ඉන්නවට වඩා, හරි යන්න හෝ වරදින්න දෙයක් පටන් ගන්න එක තමයි මට හිතෙන විදියට වැදගත් වෙන්නේ.
Social Media වල "නෞකාව" Page එක Like කරලා Follow කරලා, Youtube Channel එක Subscribe කරලා Share කරන්නත් අමතක කරන්න එපා. Link ටික පල්ලෙහායින් දාන්නම්.
Saty Safe.
Facebook : https://www.facebook.com/Naukawa
Instagram : https://www.instagram.com/naukawa
You Tube : https://www.youtube.com/channel/UCsal4-TgN4sTWZx36QDsqxw
Viber community group:




